Raspberry Pi කියන්නේ එක්සත් රාජධානියේ Raspberry Pi Foundation නමැති ආයතනය මගින් නිෂ්පාදනය කරන පුංචි පරිගණකයක්. මෙය නිර්මාණය කලේ programming, electronics, robotics වාගේ දේවල් ඉගෙන ගන්න ළමයින් වෙනුවෙන්. මෙහි විශේෂත්වය වන්නේ CPU එක RAM සහ IO system යන සියල්ලම එකම තනි විද්‍යුත් පරිපථයක සම්බන්ධ කර තිබීමයි. ප්‍රමාණයෙන් හා විදුලි පරිභෝජනය අතින් සාමාන්‍යය computer එකකට කුඩා උනත් සැලකිය යුතු processing power එකක් තියෙන නිසා ඉලෙක්ට්‍රොනික් වැඩ කරන අය , Robotic වැඩ IoT වැඩ කරන අය අතරේ Raspberry PI හරිම ප්‍රසිද්ධයි.
Raspberry Pi 4 Model B තමයි Raspberry Pi පරිගණක ශ්‍රේණියේ අලුත්ම අලුත් නිෂ්පාදනය. මෙය ලෝකෙට මුලින්ම නිකුත් කලේ 2019 අග භාගයේදී. මුල් Raspberry Pi මාදිලි වලට වලට වඩා සැලකියයුතු වෙනස්කම් රාශියක් මේහි දැකගන්න පුළුවන් . එව්වා අතරින් ප්‍රධාන සහ සුවිශේෂී කාරණා වෙන්නේ ,
- Full size HDMI port එක වෙනුවට micro HDMI port දෙකක්ම මෙම මාදිලියට ඇතුල්කිරීම. මේ නිසා අලුත් Rpi එක පාවිච්චි කරන්න හිතන් ඉන්න ඔයාලට micro HDMI වයර් එකක් හෝ adapter එකක් හොයාගන්න වෙනවා. නමුත් එක පාර display දෙකකට සම්බන්ධ කරලා වැඩ කරන්න පුළුවන්.
- 2GB , 4GB සහ 8GB ලෙස RAM options තුකක් මේ Raspberry Pi 4 Model B වල තියෙනවා. ඒ නිසා ඔබ නිර්මාණය කරන්න හිතන් ඉන්න නිර්මාණයට ගැලපෙන RAM එකක් තෝරාගන්න අවස්තාව තියෙනවා.
- කලින් තිබුන micro USB power port එක වෙනුවට USB Type – C port එකක් බාවිතා කිරීම.
- USB 3.0 port දෙකක් ඇතුලත් කිරීම.
වැනි කරුණුයි. මේ පිටුවේ පෙන්වා තියෙන්නේ 2GB RAM ධාරිතාවක් ඇති මෙම model එකක්. මෙය සාමාන්‍යය පරිදි programming ඉගෙන ගන්න භාවිතා කරන්න කදිමයි. RAM memory එක ලොකු නිසා සැහෙන වැඩක් මේකෙන් කරගන්න පුළුවන්. Video playback, Image processing සහ web browsing වලට හොඳයි. මෙහි තියෙන අලුත් CPU එක Raspberry Pi 3 B+ එකේ CPU එකට වඩා 50% කින් වේගවත්. ඒ නිසා නිසා Model 3B /B + එකට upgrade එකක් විදිහට භාවිතා කරන්න පුළුවන්. Raspberry Pi 4 Model B ගැන වැඩි විස්තර දැනගන්න මෙන්න මේ link එකට යන්න.
Reviews
There are no reviews yet.