Raspberry Pi යනු එක්සත් රාජධානියේ Raspberry Pi Foundation නමැති ආයතනය මගින් නිෂ්පාදනය කරන කුඩා පරිගණකයක්. මෙය නිමවා ඇත්තේ Processor, RAM, IO system යන සියල්ලම එකම තනි විද්‍යුත් පරිපථයක ස්ථාපසම්බන්ද කරලා. ප්‍රමාණයෙන් හා විදුලි පරිභෝජනය අතින් සාමාන්‍යය Computer එකකට වඩා කුඩා උනත් සැලකිය යුතු processing power එකක් තියෙන නිසා ඉලෙක්ට්‍රොනික් වැඩ කරන අය , Robotic වැඩ IoT වැඩ කරන අය අතරේ Raspberry PI හරිම ප්‍රසිද්ධයි.
Raspberry Pi 3 Model A+ කියන්නේ IO ප්‍රමාණය අඩුවෙන් අවශ්‍යය අයට නිර්මාණය කරපු version එකක්. තමන් කරන වැඩේට වැඩිය USB ports අවශ්‍ය නැතිනම්, Ethernet port එක අවශ්‍යය නැතිනම් මේ model එක තමා තෝරාගන්න හොදම. අපි හැමෝම දන්නා 3 B+ මොඩෙල් එකේ තියෙන processor එක සහ RAM එකම තමා මේකේ තියෙන්නෙත්. නමුත් එකම එක USB port එකක් තියෙන නිසා සාමාන්‍යය B model එකට වඩා පුංචියි, බරත් අඩුයි . ඒ විතරක් නෙවෙයි මිලත් අඩුයි. ඉතින් ඔයාලා TV (monitor) එකකට සම්බන්ද කරලා video stream කරන වැඩක් හරි, GPIO පාවිච්චි කරලා remoter control රෝබෝකෙනෙක් හෝ වෙනත් උපකරණයක් හදනවනම්, ප්‍රමාණය සහ බර අඩු නිසා මේකෙන් වාසියක් ලබනවා නිසැකයි. පාසල් ව්‍යපෘති වලටත්, Python වගේ programming language එකක් ඉගෙන ගන්නත් පාවිච්චි කරන්න පුළුවන්. මොඩෙල් B එක වගේ තව වැඩිපුර USB ports ඕනෙනම් USB HUB එකක් මේකට සම්බන්ධ කරන්න පුළුවන්.
Reviews
There are no reviews yet.