Orange Pi Buying Guide in Sri Lanka
Orange Pi කියන්නේ තවත් පුංචි single board computer(SBC) එකක්. ඒ කියන්නේ CPU එකක් Memory System එකක් I/O System එකක් තනි PCB එකකට සම්බන්ද කරලා තියෙන උපකරණයක්. Raspberry Pi වාගේම Robotics, IoT, Automation සහ Image Processing වගේ යෙදුම් වලට පහසුවෙන් භාවිතා කරන්න පුළුවන් විදිහට තමයි හදලා තියෙන්නේ. Orange Pi කියන්නේ Open Source hardware එකක්. ඒ කියන්න Circuits වල සම්පුර්ණ විස්තර නොමිලේ Orange Pi පදනමෙන් ලබාගන්න පුළුවන්. මෙම පරිගණකයට භාවිතා වෙන්නේ චීනයේ AllWinner සහ Rockchip ආයතනය විසින් නිෂ්පාදනය කරන විවිධ මට්ටමේ Micro Processors.
Orange Pi එකටත් Ubuntu , Android සහ Debian වගේ OS install කරලා වැඩගන්න පුළුවන්. Orange Pi වල විශේෂත්වය තමයි මිල අඩු බව. මොකද මේක 100% නිෂ්පාදනය (Design + Production) කරන්නේ චීනේ. Orange Pi පදනම විසින් දැනටමත් මාදිලි විශාල සංක්‍යාවක් හදුන්වා දී තිබෙනවා. ඉතින් ඔබ නිර්මාණය කරන්න ඉන්න අලුත් නිර්මාණයට හරියටම ගැලපෙන option එක අවශ්‍ය කරන processing power එක RAM ප්‍රමාණය, I /O port වල ස්වභාවය අනුව තෝරාගන්න පුළුවන්. විවිද Orange Pi මාදිලිවල පොදු යෙදීම් ගැන පහලින් ලියලා තියෙනවා. වැඩි විස්තර ඕනෙනම් අපේ MakerStation එකට call කරලා Engineer කෙනෙක්ගෙන් හෙල්ප් එකක් ගන්න අමතක කරන්න එපා!