අපි ගැන විස්තර ටිකක්
ඒ දවස්වල Project කරද්දී අපිට තිබුන ලොකුම ප්‍රශ්නේ තමයි වැඩේ පහසුවෙන් කරගන්න ඕනේ tools සහ බඩු හොයාගන්න බැරිකම. Plastic පෙට්ටි (Project Box) කපාගෙන enclosures හදපු හැටි, iorn කර කර PCB හදපු හැටි, අපේ design වලට ගැලපෙන IC හොයන්න පිස්සෝ වගේ රට වටේම ඇවිදපු හැටි, රටින් IC ගෙන්නන්න ගියාම යන shipping cost (මහපොළ ලගින්වත් තියන්න බැරිවෙනකොට) එක අමාරුවෙන් දරාගත්තු හැටි, තැපැල් මාමලා strike කරන කාලෙට project එකේ deadline ලඟ ලඟ එනකොට PCB එකට ඕනේ බඩු අතට හම්බනුනම අමාරුවේ වැටුන හැටි මතක් වෙනකොට අදටත් එපා වෙනවා.
අදටත් මේ ප්‍රශ්න සම්පුර්ණයෙන්ම විසදිලා නැති නිසා, අපි කාපු කට්ට අපේ නංගිලා මල්ලිලාට දෙන්න ඕනේ නැති හින්ද තමයි අපි MakerStation එක හැදුවේ. ලස්සන නිර්මාණ වලින් පිරුන ලෝකයක් හදනන පුළුවන් ඔයාලට(Maker's ලාට) ඒ ගමන ආරම්භ කරන්න අපි හදපු තොටුපොලක් (Station) නිසා තමයි අපි MakerStation කියලා නම දැම්මේ.
දැනට ලෝකේ තියෙන දියුණුම Prototyping tools(3D printers), කපන්න කොටන වැඩ ඉක්මනට පහසුවට කරගන්න ඕනේ power tools, crafting tools , circuits වල SMD parts උනත් හොදට solder කරගන්න ඕනේ උපකරණ ඔක්කොම MakerStation එකේ තියෙනවා. ඒ විතරක් නෙවේ ඕනේ වෙලාවක ඔයාලගේ ප්රශ්නවල උත්තරයක් හොයලදෙන්න පුළුවන් experts ලා එතන ඉන්නවා.
ඉතින් ඔයාලත් Robotics, IoT වගේ ඉලෙක්ට්‍රොනික් වැඩ කරන්න, හරියටම බඩු ගන්න, ඉගෙන්නගන්න ආසාවෙන් ඉන්නවනම් එන්න අපේ Makerstation එකට!