මේ පාඩමෙන් මම ඔයාලාට කියලා දෙන්නේ AVR වල තියෙන Voltage Reference (VREF) කියන අවයවය ගැනයි. Micro controller එකේ තියෙන Analog to Digital Converter (ADC) සහ Digital to Analog Converter (DAC) කියන analog අවයව දෙකට අවශ්‍ය reference voltage අගයන් නිර්මාණය කරන්නේ මෙන්න මේ අවයවයෙන්. සරලවම කිව්වොත් මෙය විවිධ voltage අගයන් ලබා දෙන්න සැකසිය හැකි voltage regulator ගොඩක එකතුවක් හා සමාන උපාංගයක්. පහත රූපයේ දැක්වෙන්නේ tinyVAR-0, tinyAVR-1 සහ megaAVR-0 ඛාණ්ඩයේ IC එකක දැකගන්න පුළුවන් VREF අවයවයක කැටි සටහනක්.

සාමාන්‍යයෙන් එක AVR IC එකක VREF අවයවයෙන් instances ඇත්තේ එකක් පමණයි. නමුත් IC එකේ ඇති analog අවයව ගණනට සමාන voltage generators ගණනක් මේ තනි අවයවයේ තියෙනවා. 0.55V, 1.1V, 1.5V, 2.5v සහ 4.3V කියන voltage සමුහයෙන් එක අගයක් එක generator එකකින් ඔබේ අවශ්‍යයතාව අනුව තෝරා ගන්න පුළුවන්. මේ සඳහා සාමාන්‍යයෙන් අනුගමනය කරන පිළිවෙල වන්නේ,

  1. ඔබට අවශ්‍ය analog අවයවයට අදාළ generator එකේ REFSEL[2:0] bit වලට ඔබට අවශ්‍ය voltage අගය ලබා ගන්න ඕන කරන අගය ලියන එක. එය ඔබ භාවිතා කරන IC එකේ datasheet එකෙන් බලා ගන්න පුළුවන්. පසෙකින් තියෙන වගුවේ ATtiny1614 IC එකට අදාළ අගයන් පෙන්වලා තියෙනවා.
  2. ඉන්පසු පෙර තෝරාගත් analog අවයවයට අදාළ generator එකේ REFEN bit එකට “1” ලියලා සක්‍රිය කරන්න ඕනේ. මෙය නැවතත් ඔබට කැමති වෙලාවක නිෂ්ක්‍රිය කරන්න පුළුවන්.

උදාහරණයක් ලෙස ඔබට DAC1 එකට 2.5V reference voltage එකක් ලබා ගන්න ඕනෑ නම් මුලින්ම DAC1REFSEL[2:0] bit වලට 0x2 ලියන්න ඕනේ. අවසානයේ DAC1REFEN bit එකට “1” ලියන්න ඕනේ. VREF සෑම විටම වෙනත් analog අවයව සමඟ යෙදෙන නිසා මම මේ පාඩමට ප්‍රයෝගික ක්‍රියාකාරකම් එකතු කලේ නෑ. ඒ වෙනුවට ඔයාලාට පුළුවන් අදාළ analog අවයවයේ ඇති ප්‍රයෝගික ක්‍රියාකාරකම භාවිතා කරන්න. පහල ලයිස්තුවේ තියෙන්නේ ඒවාට යන්න ඕනේ කරන link ටික.

  1. DAC සමඟ VREF අවයවය භාවිතා කරන ප්‍රයෝගික ක්‍රියාකාරකම.
  2. ADC සමඟ VREF අවයවය භාවිතා කරන ප්‍රයෝගික ක්‍රියාකාරකම.