Raspberry Pi Buying Guide in Sri Lanka
Introduction to Raspberry Pi
Raspberry Pi කියන්නේ පාසල් සහ විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන දරුවන්ගේ පරිඝනක දැනුම සහ සිතීමේ හැකියාව වැඩිදියුණු කරන්න උදව් වෙන්න නිර්මාණය කරපු පුංචි computer එකක්. මෙය laptop computer එකකටත් වඩා පුංචියි! නමුත් Raspberry Pi එකට කරන්න පුළුවන් දේවල් සීමා කරලා පෙන්වන්න හරිම අමාරුයි, මොකද මෙය භාවිතා කරලා පුදුම හිතෙන දේවල් කරන්න පුළුවන්. ආරම්භයේ දී ළමුන් වෙනුවෙන් නිර්මාණය වුවත් වර්තමාන computer, robotics, electronics වැනි ක්ෂේත්‍ර වල ඉන්න ඉංජිනේරුවෝ පවා මෙය ඔවුන්ගේ නිර්මාණ වලට බහුලව යොදා ගන්නවා. ඊට ප්‍රධානම හේතු වෙන්නේ මෙය ඉතා පහසුවෙන් program කර භාවිතා කල හැකිවීම සහ වියදම අඩු වීමයි. වර්තමානයේ දී විවිධ යෙදීම් සඳහා සෑදුන විශේෂ Raspberry Pi මාදිලි කීපයක්ම දැකගන්න පුළුවන්. මේ ගැන ඉගෙන ගන්න ආස කෙනෙක්ට මුලින්ම තියෙන ප්රශ්නය වෙන්නේ "මේවා අතරින් මට හොඳටම ගැලපෙන model එක තෝරාගන්නේ කොහොමද?" කියන එක. අන්න ඒ නිසා තමයි මේ Raspberry Pi buying guide එක ඔයාලා වෙනුවෙන් ලිව්වේ. නව නිර්මාණ කරන්න කැමති ශ්‍රී ලංකාවේ ඉන්න ඔබට ගැලපෙන Raspberry Pi එක තෝරා ගන්න මේ සටහන ප්‍රයෝජනත්ව වේවි කියලා අපි හිතනවා.
Raspberry Pi සදා තියෙන්නේ Broadcom ආයතනය නිෂ්පාදනය කරන ARM processor එකක්, 512MB හෝ ඊටත් වඩා වැඩි RAM Memory එකක් සහ පහසුවෙන් program කළහැකි I/O System එකක් තනි circuit එකකට සම්බන්ධ කරලා. ඒ නිසා මෙය පරිගණකය තියෙන්න ඕනේ මූලික අංග සියල්ලම එකට එකතු කරලා තියෙන motherboard එකක් වගේ. Raspberry Pi එකට සාමාන්‍යය computer එකක් මෙන් OS එකක් install කරලා ඒ මත අපිට අවශ්‍ය software applications run කරන්න, සින්දු අහන්න, games සෙල්ලම් කරන්න වාගේම internet පරිහරණය වැනි දෑ පහසුවෙන් කරන්න පුළුවන්. අද වන විට Raspberry Pi නිර්මාණය කරන සංවිධානය මගින් විවිධ යෙදීම් සඳහා සෑදුන Raspberry Pi මාදිලි කීපයක්ම දැකගන්න පුළුවන්. පහතින් තියෙන්නේ එම models සහ ඒවා යොදාගන්නේ කුමන කාර්යයන් වෙනුවෙන්ද යන්න පෙන්වා දෙන කෙටි සටහනක්. මේ මාදිලි සියල්ලම ඔයාලට MakerStation එකෙන් අඩුම මිලට ගෙදරටම ගෙන්වා ගන්න පුළුවන්.
Raspberry Pi models available in Sri Lanka
Raspberry Pi 4 Model B
දැනට නිෂ්පාදිත නවීනතම model එක තමා මේ. 2GB, 4GB සහ 8GB ලෙස RAM option කීපයක්, USB port 4ක්, WiFi, Ethernet සහ display දෙකක් එකවර සම්බන්ධ කරන්න හැකියාව තියෙනවා. හොඳ processing power එකක් සහ RAM භාවිතා වෙන computer vision, mini servers වැනි යෙදීම් වලට කදිමයි. සාමානය පරිගණකයක් ලෙස භාවිතා කරන්නත් යෝජනා කරන්න පුළුවන්.
Raspberry Pi 3 Model B+
Raspberry Pi නිෂ්පාදන වල 3 වන කාණ්ඩයේ අන්තිම Model එක. 1GB RAM එකක්, USB port 4ක්, Ethernet සහ WiFi වැනි පහසුකම් මෙහි තියෙනවා. Programing ඉගෙනගන්න, ඉලෙක්ට්‍රොනික් නිර්මාණ වලට මෙන්ම සාමාන්‍ය පරිඝනකයක් විදිහට භාවිතා කරන්න යෝජනා කරන්න පුළුවන්.
Raspberry Pi 3 Model A+
හොඳ Processing Power එකක් සහ අඩු IO ප්‍රමාණයක් අවශ්‍යය වන නිර්මාණ වලට කදිමයි. උදාහරණ ලෙස Intelligent camera, TV එකට සම්බන්ධ කරලා තියෙන Smart advertisement player සහ NAS එකක් අපිට පෙන්වන්න පුළුවන්. මෙහි Ethernet පහසුම්කම නැත. ඇත්තේ WiFi පමණයි. USB port ද ඇත්තේ එකක් පමණයි. ඒ නිසා ප්‍රමාණයෙන් B model වලට වඩා පුංචියි.
Raspberry Pi Zero
1GHz processor එකක් සහ 512 RAM එකක් සහිත පුංචි මොලයක් තමා Zero model එක.බොහෝ දෙනෙක් මෙය භාවිතා කරන්නේ හොඳ processing power එකක් අවශ්‍යය වන පැළදිය හැකි (wearable) උපකරණ සහ රොබෝ නිර්මාණ සඳහායි.
Raspberry Pi Zero W
Raspberry Pi Zero වගේම පුංචියි නමුත් WiFi/Bluetooth පහසුකම් සහ වේගවත් Processor එකක් මෙහි තියෙනවා. කුඩා IoT උපකරණ සැදීමට වඩාත්ම සුදුසු Raspberry Pi එක තමා මේ.
මේ buying guide එකේ අපිට මගහැරුණ හෝ ඔයාලාට දැනගන්න ඕනේ විශේෂ දේවල් තියෙනවා නම් අපේ MakerStation එකට දුරකථන ඇමතුමක් ලබා දී ඒ ගැන වැඩි විස්තර දැනගන්න. ඔයාලාට ගැලපෙන හොඳම Raspberry Pi එක තෝරාගන්න අපි උදව් කරන්නම්.