ලංකාවේ අය අතර වඩාත්ම ප්‍රසිද්ධ model එක තමා 3 B+ කියන්නේ. ටිකක් පරණ model එකක්, මොකද මේක මුලින්ම හඳුන්වා දුන්නේ 2018 වර්ෂයේ. නමුත් 3 B+ එකෙන් කිසිම අඩුවක් දැනේනේ නැතුව වැඩ ගන්න පුළුවන්. ඒ වගේම තමා display/monitor එක්ක වැඩ කරන අයට නැතුවම බැරි වඩාත්ම පහසු සාමාන්‍යය (full size) HDMI port එකක් මෙහි තියෙනවා. මීට අමතරව මේ පුංචි computer එකේ දැක ගන්න තියෙන වැදගත් කරුණු කීපයක් තමා පහතින් පෙන්වලා තියෙන්නේ,
- Broadcom ආයතනය විසින් නිෂ්පාදනය කරන 1.4GHz වේගයකින් ක්‍රියා කරන්න පුළුවන් Coterx-A53 වර්ගයේ CPU එකක් භාවිතා වීම.
- 1GB RAM මතක ධාරිතාවක් තිබීම.
- WiFi සහ Bluetooth 4.2, (BLE ලෙස ද හඳුන්වන) wireless සන්නිවේදන කිරීමේ හැකියාව තිබීම.
- USB port 4ක් සහ එක Ethernet port (LAN port) එකක් තිබීම.
- CPU එක සමඟ කැමරාවක් සම්බන්ධ කිරීමට අවශ්‍ය කරන CSI ( camera Serial Interface) port එකක් තිබීම.
- CPU එකට LCD තිරයක් ඍජුවම සම්බන්ධ කරන්න අවශ්‍ය කරන DSI (Display Serial Interface) port එකක් තිබීම.
Raspberry Pi 3 B+ ගැන වැඩි විස්තර දැනගන්න Raspberry Pi නිර්මාණකරුවන්ගේ පිටුවට යන්න මේ link එක භාවිතා කරන්න. Raspberry Pi ගැන පියවරෙන් පියවර ඉගෙන ගන්න අපේ බ්ලොග් පිටුව කියවන්න.
Reviews
There are no reviews yet.